අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂක රිමාන්ඩ්


හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 7 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අද පෙරවරුවේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිත් කිරීමෙන් පසුවය.

මෙම සිදුවීමට අදාළව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Recommended Articles