අතරමැදි කන්නයේ මුං වගාකළ ගොවීන්ගේ අතමිට සරුවෙයි


2023 වසරේ යල කන්නය අවසන්වීමමෙන් පසුව අතුරු කන්නයක් ලෙස මුං වගාකිරීමෙන් සාර්ථක අස්වැන්නක් ලැබී ගොවීන්ගේ අතමිට සරුවී ඇත.

මොනරාගල දිස්ත්රික්කයේ වේලිඔය,බලහරුව,හඳපානාගල සහ කුඹුක්කන්ඔය-ඔක්කම්පිටිය යන ගොවිජනපද ව්‍යාපාර වල කුඹුරු අක්කර 3,700  පමණ අතරමැදි කන්නයේ මුංවගාකළ බව මොනරාගල වාරිමාර්ග අධ්‍යක්ෂක එච්.බී.පී බණ්ඩාර මහතා පැවසීය.

මේවන විට අස්වැනු නෙළීම අවසන්වෙමින් පවතින අතර එක් අක්කරයකින් මුංඇට කිලෝ 300 පමණ ලැබී ඇති අතර ව්‍යාපාරිකයෝ ගොවීන් ලඟටම පැමිණ කිලෝව රුපියල් 650-675 යන මිල ගණන් වලට මිලදී ගනිති.

ඒ අනුව අක්කරයකින් රුපියල් ලක්ෂ දෙකක් පමණ ආදායමක් ගොවීන්ට ලබාගැනීමට හැකිවී තිබේ. වී වගාවට වඩා මුංවගාව ලාභදායී බව ගොවීහු පවසති.

මොණරාගල සුමනසිරි ගුණතිලක

 



Recommended Articles