අටලුගම පහරදිමේ සිද්ධියට සම්බන්ධ පිරිස බන්ධනාගාරගත කරයි


බණ්ඩාරගම අටලුගම මාරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ගේ  රාජකාරියට බාධා කරමින් කලහකාරී  ලෙස ඇසිරී පහර දීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා ඇතුළු පුද්ගලයන් හය දෙනා පානදුර අධිකරණයේ  වැඩ බලන මහේස්ත්‍රාත් සමිතා කුමාරි බණ්ඩාර මහත්මිය   වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  එයින් පස් දෙනෙකු  මෙම මස 24 දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස නියෝග කළාය.

14 හැවිරිදි මොහොමඩ් රිෆාඊ හබ්සා දැරිය  පරිවාස භාරයට පත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළාය .

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ  එම් අර්. පාතිමා,එම්.එස්.සිත්ති මංසිලා , මොහොමඩ් මිහිලාර් හස්මන්ඩ්, මොහොමඩ් හුසේන් රිස්කාන්,අහමඩ් ජමල් දීන් යන අය වනුන්‍ ය.

මෙම සිද්ධියට සම්බන්ධ තවත් කීප දෙනෙක් අත්අඩංගුවට ගැනිමට  සිටින බව පැමිණිල්ල මෙහෙයවූ බණ්ඩාරගම පොලිසියේ පොලිස් පරීක්ෂක අනවරත්න මහතා අධිකරණයට  දැනුම් දුන්නේය  .

 

                     



Recommended Articles