අටලුගම, පානදුර හා වාද්දූව 28ට කොරෝනා නෑ


බණ්ඩාරගම අටුලුගම ඇතුළු ප්‍රදේශ තුනක  පුද්ගලයන් 28 දෙනකු  පීසීආර්  පරීක්ෂණයකට භාජනය කළ ද  ඔවුන් කිසිවකුටත් කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බව වෛද්‍ය වාර්තා වලින් අනාවරණය වූ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

බණ්ඩාරගම අටුලුගමින් පුද්ගලයන්  20 දෙනෙක් වාද්දුවෙන් 6 දෙනෙකු  හා පානදුරෙන් 2 නෙකු පීසීආර් පරීක්ෂණයට භාජනය කෙරෙණි.

අටුලුගම මාරාව ප්‍රදේශයෙන් හමුවූ එකම පවුලේ කොරෝනා ආසාදිත 5 දෙනා පදිංචි  නිවස අවට පදිංචි  පුද්ගලයන් 20 දෙනකු අහඹු ලෙස තෝරා ගෙන ජෛව  සාම්පල් ලබා ගත් අතර රෝගීව සිට  කොරියා රටේ සිට දින 14 ක කාලයක් නිරෝධනයට ලක් ව මෙරටට පැමිණි  වාද්දුවේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසේ පවුලේ සමීප සාමාජිකයන්ගේ හා එම පුද්ගලයාගේ ජෛව සාම්පල් හා ඉන්දියාවේ වන්දනා ගමනක් ගොස් පැමිණ සිටි පානදුර  ප්‍රදේශයේ හිමිවරුන් 2 නෙකුගේ ජෛව සාම්පල  ද  මෙලෙස ලබාගෙන තිබුණි.

මෙම වන්දනා නඩයේ සිටි කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි කාන්තාවක් කොරෝනා රෝගය වැළදීම හේතුවෙන් හිමිවරුන් 2 දෙදෙනාගේ ජෛව සම්පත් ලබා ගැනුණි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles