අටමස්ථානාධිපති දැයෙන් සමුගනිති


අපවත් වී වදාළ අටමස්ථානාධිපති, උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමිගේ ආදාහන පූජෝත්සවය අද (22) පස්වරුවේ ඒ අනුරාධපුර මහා විහාර ආදාහන මළුවේදී සිදු කෙරිණි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ පසුගිය 19 වනදා අපවත් වූ අතර ඒ වනවිට උන්වහන්සේ 69 වන වියෙහි පසුවිය.

1953 වසරේ උපත ලද පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි 1968 වසරේදී අනුරාධපුර රුවන්වැලි චෛත්‍යාරාමයේදී පැවිදි දිවියට ඇතුළත් වූ අතර 1997 වසරේදී අටමස්ථානාධිපති ධුරයට පත් විය.

 



Recommended Articles