අජිත් රෝහණ නැවතත් මාධ්‍යයට


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන්  පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. ඒ මහතා   අපරාධ හා රථවාහන කොට්ඨාසයේ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා ලෙස ද කටයුතු කරයි.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්  අද (25දා) සිට මෙම පත්වීම සිදුකර ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

 



Recommended Articles