අජිත් ප්‍රසන්න ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක


පැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.

පැහැර ගැනීමට ලක්වූ බවට සඳහන් කළ නිලධාරිනිය තානාපති කාර්යාලය තුළ සඟවාගෙන සිටින බවත් මේ නිසා පොලිස් පරීක්ෂණවලට සහාය ලබාදීමට තානාපතිවරයා කටයුතු කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

පැහැර ගැනීමට ලක්වූ බවට සිදුකරණ ප්‍රකාශ අසත්‍ය බවට තහවුරු වෙමින් තිබෙන බවත් මෙම ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාව ඉදිරියේ අපකීර්තියකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.



Recommended Articles