අඟුරුවාතොට අතුරුදන් මව හා දියණියගේ සිරුරු හමුවෙයි


අඟුරුවාතොට ඌරුතුඩාව ප්‍රදේශයෙන් අතුරුදන් වූ තරුණ මවගේ සහ කුඩා දියණියගේ සිරුරු අඟුරුවාතොට රත්මල්ගොඩ කැලෑවක තිබියදි සොයාගත් බව පොලිසිය කියයි.

24 හැවිරිදි වාසනා කුමාරි සහ මාස 11 වයසැති ඇගේ දියණිය ටශ්මි  දිලන්‍යා මීට දින දෙකකට පෙර අතුරදහන් විය. 

ඇගේ සැමියා  රැකියාවට ගොස් පැමිණි බිරිය සහ දරුවා නිවසේ නොමැති බවට පොලිසියට පැමිණිලි කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සැමියාගේ මස්සිනා වන හිටපු යුද හමුදා සෙබෙලෙක් සැකපිට අත්ඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles