අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළට හෙරෝයින් විසි කිරිමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට


හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 630 ක්  අඟුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිරමැදිරි දෙකකට  විසි කළ පුද්ගලයකු බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ අත්අඩංඟුවට ගෙන අඟුණකොළපෑලැස්ස පොලිසියට භාරදී ඇතැයි පොලිසිය පවසයි

අත්අඩංඟුවට ගත් සැකකරු කිංචිගුණේ පදිංචි කරුවෙක් වන අතර ඔහු ළඟ තිබී සිම් පත් 4ක් ඩේටා කේබලයක කොටසක්  දුම්කොළ සහ සුරැට්ටු කුඩු ස්වල්පයක් සොයාගෙන ඇත.

සැකකරු අද (11)අඟුණකොළපෑලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වලස්මුල්ල තිලක්  මනම්පේරි



Recommended Articles