අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු මරුට


අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියකු හදිසියේ රෝගාතුර වීමෙන් අද (11) අලුයම මියගොස් ඇතැයි අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හලාවත ප්‍රදේශයේ පදිංචි 28 දෙදරු පියකු බව පොලිසිය කියයි.

මංකොල්ලකෑම් සහ අපචාර සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටියදී අද අලුයම් කාලයේ හදිසියේ ඇති වූ පපුවේ වේදනාවක් සම්බන්ධයෙන් ඔහු රෝහල්ගත කිරීමට යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Recommended Articles