අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කොටසක් කොවිඩ් ප්‍රතිකාර වෙනුවෙන්


අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ඉවත්කර කාන්තා අංශය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් දිවයින පුරා සෙසු බන්ධනාගාරවලට යොමු කර වෙනම කොටසක් ලෙස පවතින එහි කාන්තා අංශය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරන බවත් කොවිඩ් ආසාදිත බවට පත්වන පිරිමි රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන බවත් ඔහු පැවසීය.



Recommended Articles