අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.
පසුගිය නොවැම්බර් 20 වැනි දින වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා අමාත්‍යවරියගේ උපදෙස් පරිදි බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය ප්‍රමුඛ ත්‍රිප්‍රද්ගල කමිටුවක් මේ සඳහා පත් කර තිබේ.
අදාළ කමිටු වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යවරිය සඳහන් කරයි .

