අගෝස්තු මාසයේදී සංචාරකයන් 198 235ක් ඇවිත්


ආගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 198235ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
2024 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි තිබූ සංචාරකයන් සංඛ්‍යාව 164609කි. 

මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට අගෝස්තු 31 දා තෙක් ‍ශ්‍රී ලංකාවට සංචාරකයන් 1 566 523ක් පැමිණ තිබේ.

මේ වසරේ ශ්‍රී ලංකාවට සංචාරකයන් ලක්ෂ 25ක් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන අතර ඒ් අනුව සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා වූ කාලසීමාවේදී ශ්‍රී ලංකාවට තවත් සංචාරකයන් 934000ක් පමණ ගෙන්වා ගත යුතු වෙයි.



Recommended Articles