අගෝස්තු මාසය ලොව ඉහළම උෂ්ණත්වයක් වාර්තා වූ මාසයට හිමි වාර්තාව සම කරයි


යුරෝපා සංගමයේ දේශගුණික සේවාවට අනුව පසුගිය අගෝස්තු මාසය ඉහළම ගෝලීය උෂ්ණත්වයක වාර්තා වූ මාසයට හිමි වාර්තාව සමකර තිබේ. මීට පෙර 2023 වසරේ ජුලි මාසය ඉහළම ගෝලීය උෂ්ණත්වයක් සහිත මාසය ලෙස සටහන්විය.'එල් නිනෝ' (El Niño) සංසිද්ධියේ බලපෑම හේතුවෙන් මෙසේ ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් තිබේ.

අගෝස්තු මාසයේ උෂ්ණත්වය කාර්මික යුගයට පෙර පැවති මට්ටම්වලට වඩා සෙල්සියස් අංශක 1.65කින් ඉහළ ගොස් තිබූ අතර, 
දේශගුණික විපර්යාසවල දරුණුතම ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා රටවල් එකඟ වූ සෙල්සියස් අංශක 1.5ක තීරණාත්මක සීමාව 
 ඉක්මවා යාමක් විය.

සෙල්සියස් අංශක 1.5ක සීමාව එක් මාසයක් තුළ ඉක්මවා යාමෙන් එම සීමාව ස්ථිරවම අතික්‍රමණය වී ඇතැයි අදහස්  නොකෙරුණද, එය එම සීමාව ඉක්මවා යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි.



Recommended Articles