අගෝස්තු 1දා සිට රටම ආවරණය කරමින් පොලිසිය කරන්න යන මෙහෙයුම


මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලිමේ මෙහෙයුම් අගෝස්තු 01 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය  පවසයි.

බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇති අතර ඉන් 19 දෙනෙකුම බස් රථ රියැදුරන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවැසීය.

ඉහළ යන රිය අනතුරුවලට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මත්පැන් පානය කර රිය පැදවීමයි. මත්ද්‍රව්‍ය පානය කර රිය පදවන්නන් හඳුනා ගැනීම වෙනුවෙන් වූ පරීක්ෂණ කට්ටලද මේ වන විට දිවයිනට ගෙන්වා ඇති බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය  පවසයි.

 



Recommended Articles