අගෝ. 10 වනදා සිට අදියර කිහිපයකින් පාසල් විවෘත කිරිමේ තිරණයක්


එහිදී සතියේ දින පහ තුළම ශ්‍රේණි 5ක් සඳහා පමණක් සිසුන් පාසලට කැඳවීමට නියමිතය.

5,10,11,12 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් සතියේ දින පහ තුළ ම පාසල් පැවැත්වෙනු ඇත.

1,2,3 සහ 4 යන ශ්‍රේණි සඳහා පාසල් පවත්වනු ලබන්නේ සතියට එක් දිනක් පමණි.

එසේම පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරමින් සිසුන් පාසලට ගෙන්වා ගැනීමට ද තීරණය කර තිබේ.

සිසුන් 200 ට අඩු පාසල් සඳහා අගෝස්තු මස10 වනදා සිට සියලුම ශ්‍රේණි ආරම්භ කෙරෙයි.

එහිදී ළමුන් 200ට වැඩි ප්‍රාථමික පාසල් සඳහා පළමු ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය සඳුදා දිනයේත්, 2 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය අඟහරුවාදා දිනයේත්, 3 වන ශ්‍රේණිය සහ 5 වන ශ්‍රේණිය බදාදා දිනයේත්, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 4 සහ 5 වන ශ්‍රේණි සඳහා පාසල් පැවැත්වීමටත් නියමිතය.

මේ අතර සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ද්විතීක පාසල් සඳහා සඳුදා දිනයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, අඟහරුවාදා දින 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වාත්, බදාදා දින 8 ,10,11, 12 හා 13 වන ශ්‍රේණිය දක්වාත්,  බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල 9 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් පැවැත්වෙයි.

මෙහිදී පාසල් කාලයේද යම් වෙනසක් සිදුව ඇති අතර 6 සිට 9 ශ්‍රේණිය දක්වා උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා පාසල් පැවැත්වෙන අතර 10 සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වෙයි.



Recommended Articles