අග්බෝ ඇතා ඊයේ (27) දවල් 1.00 ට පමණ ඒ නවය මාර්ගයේ තිරප්පනේ පුංචිකුලම මහ පාලම අසලට පැමිණීයේ ය. ඒ නවය මාර්ගයේ ගමන්ගත් වාහන මොහොතකට නතර කොට ඇතාට පාර හරහා මාරුවීමට අවස්ථාව සලසා දුන්නේ ය.
ඒ අනුව නාච්චාදූව වැව් ඉස්මත්තේ සිට ඒ නවය මාර්ගය හරහා පැමිණි අග්බෝ ඇතා මල්වතු ඔය අසල වූ කැලෑ රොදකට පන්නා දැමීමට තිරප්පනේ වනජීවී නිලධාරීන් කටයුතු කළේ ය.
ශරීරය බොහෝ ස්ථාවල තුවාල සහිත වූ පැල්ලම් දක්නට ලැබෙන අතර තරමක් අසනීප තත්ත්වයෙන් පෙළෙන බවක් ද දක්නට ලැබුණි. කෙසේ වෙතත් මෙලෙස අග්බෝ ඇතා මනුෂ්‍යයින් අතරට පැමිණීම ඇතාගේ ජීවිතයට තර්ජනයක් බව බොහෝ පිරිස් පෙන්වා දෙයි.
තිරප්පනේ සමන් කේ. ගමගේ



