අගමැතිවරයා රටට කිසිවක් නොකල බවට පිළිගත්තා - SLFP


සජිත් ප්‍රේමදාස මහතාට රට හැදීමට හැකි බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන බවත් මේ අනුව අගමැතිවරයා රටට කිසිවක් සිදු නොකළ බවට පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

2020 වසරේදී රට හදන බවට සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන බවත් එහෙත් වර්තමානයේ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන ආණ්ඩුවක් බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙල කියා එකක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ කොටසක් බවත් ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද පවසා සිටියේය.

රට හදන්න උවමනාවක් තිබුණා නම් පසුගිය කාලයේ එය සිදුකල හැකිව තිබූ බවත් එසේ තිබියදී අහස පොළව නුහුලන පොරොන්දු ලබාදෙන බවද අද (23 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.



Recommended Articles