අගමැතිනිය එයි


ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය සංචාරය නිමා කර 10/18 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

ඇය එරට එන්.ඩී.ටී.වී.ආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක ප්‍රධන දේශනය පැවැත්වීම සදහා ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් සිටියාය .

ඇය සමග තවත් දෙදෙනෙකු ගොස් සිටි අතර , එම පිරිස 10/18 දින රාත්‍රී 10.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

 



Recommended Articles