අගමැති ලේකම් කාර්යාලයේ වියදම් කපන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි


අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරීම සම්බන්ධයෙන් වන යෝජනාව සඳහා විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම පැවැත්විණ. එයට පක්ෂව ඡන්ද 123ක් ලැබුණ අතර විපක්ෂව කිසිවෙක් ඡන්දය ප්‍රකාශ නොකළේය.

එක්සත් ජාතික පෙරමුණ විසින් ගෙන ආ යෝජනාවට පක්ෂව එහි සියලුම මන්ත්‍රිවරුන්, ද්‍රවිඩ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිත කළේය.


ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles