අගමැති ලබන 16 දා සිට18 දා දක්වා ඉන්දීය සංචාරයකට


අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2025 ඔක්තෝබර් 16 වැනි දින සිට18 වැනි දා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වේ.

ඇයගේ එම සංචාරය අතරතුරදී, අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි සමඟ මෙන්ම ඉහළ මට්ටමේ නියෝජිතවරුන් සමඟ ද සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිතව ඇත.

2025 ඔක්තෝබර් 17 වැනි දින NDTV සහ චින්තන් පර්යේෂණ පදනම විසින් සංවිධානය කිරීමට නියමිත NDTV ලෝක සමුළුවේදී, අග්‍රාමාත්‍යවරිය විසින් "අවිනිශ්චිත කාල වකවානු වලදී ඇතිවන විපර්ය්‍යාස මෙහෙයවීම" යන තේමාව යටතේ සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වනු ඇත.



Recommended Articles