අගමැති රට ගිහින් එද්දී ජනපති රට යයි


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වීම සඳහා අද (29දා) උදෑසන නේපාලයේ කත්මණ්ඩු නුවර බලා  පිටත්ව ගියේය. ඔහු සමග මෙම සංචාරයට 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්විය.

මේ අතර වියට්නාමයේ හැනෝයි නුවර පැවති ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (28දා) රාත්‍රී යළි ශ්‍රී ලංකාවට පැමිණියහ .

ටී.කේ.ජී. කපිල



Recommended Articles