අගමැති මාරුවීම් ගැන කියන අයගේ ඔලුව පරීක්ෂා කළ යුතුයි


කැබිනට් සංශෝධ අගමැති මාරු වීම් අභ්‍යන්තර ගැටුම් වැනි කතා කියන අයගේ ඔලුව පරීක්ෂා කළ යුතුව තිබෙන බව කෘෂිකර්ම වාරිමාර්ග පශු සම්පත් අමාත්‍ය කේ.ඩි. ලාල් කාන්ත මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ එවැනි සාකච්ඡාවක් හෝ ප්‍රශ්නයක් පක්ෂ අභ්‍යන්තරයේ කිසිසේත්ම නොමැති බවයි. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

මේ රට තුළ කිසිදු ආකාරයක හාල් ප්‍රශ්නයක් නැහැ. කෘෂිකර්මාන්තයේ ගැටළු තිබෙනවා ඒවා සිද්ධවන්නේ කාලගුණයත් සමඟයි. කෘෂිකර්මාන්තය කියන්නේ නිතරම අභියෝගයක්. ඵල නෙලන්න තිබෙන ගොයම් විශාල වැස්සකින් විනාශ විය හැකියි. මේ වන විට යල කන්නයේ රටට අවශ්‍ය කරනකුඹුරු බිම්වගාකොට තිබෙනවා.

කිසිදු ගොවියෙක් අප දෙන මුදල හෝ පොහොර සහනාධාරය දෙස බලමින් කුඹුරු වගා කරන්නේ නැහැ. අපි පොහොර වලට අවශ්‍ය මුදල් ගොවීන්ට ලබා දෙනවා.ඕනෑම ගොවියකුට කුඹුරු වලටපොහොරයෙදීමෙන් පසුව වුණත් එම මුදල්ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. විවෘත වෙළඳපොලේ අවශ්‍ය තරම් පොහොර තිබෙනවා.

මෙවර පළාත් පාල මැතිවරණයේදී 50% කට වැඩි බලය ලබාගත් සියලු පළාත් පාලන ආයතනවලනගරාධිපතිවරු උප නගරාධිපතිවරු සභාපතිවරු උපසභාපතිවරු අපි පත්කොට යවනවා. තනි පක්ෂයක් වශයෙන් අප ලබාගත් බලයට වැඩි බලයක් විපක්ෂය ලබාගත් සමහරපළාත් පාලන ආයතන තිබෙනවා. නමුත් අපිට ප්‍රජාතන්ත්‍රවාදීව එම ආයතනවල බලය පිහිටවන්න ජනතාව බලය දී තිබෙනවා.අනිත් අයට එම බලය දී නෑ. ඒ අය උත්සාහ කරනවානම් පොඩි පොඩි කණ්ඩායම් එකතු වී එම ආයතනවල බලය පිහිටවන්න එය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.

ජාතික ජන බලවේගය අප තවත් පුළුල් කරමින් සිටින්නේ. එ් අනුවඑම පළාත් පාලන ආයතනවල අනෙකුත් අය සම්බන්ධ කරගෙනඅපි බලය පිහිටවනවා.

කොළඹ මහ නගර සභාවේ බලය මේ වන විටත් පිහිටුවා හමාර බවත් එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පමණක් තිබෙන බවදඅමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles