අගමැති මහින්දට එරෙහිව තවත් යෝජනාවක්


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන භාවිත කිරීම නීති විරෝධී බවත් එම වියදම් කපා හැරීමේ යෝජනාවක් එක්සත් ජාතික පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

එම යෝජනාවට අදාළ මත විමසුම නොවැම්බර් 29 දා පැවැත්වීමට නියමිත බව පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම යෝජනාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට භාර දී ඇත.

 



Recommended Articles