අගමැති මහින්දගේ ඉල්ලීම සම්බන්ධන් ප්‍රතික්ෂේප කරයි


අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට ද්‍රවිජ ජාතික සන්ධානය තීරණයක් ගෙන නැතැයි විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා 'අද'ට  පැවසීය.

ආණ්ඩුව පවත්වාගෙන යෑමට සහාය ලබාදෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා තමාගෙන් ඉල්ලීමක් කළ බවත්, තමන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලැබුණු ආරාධනයකට අනුව හිටපු ජනාධිපති නිල නිවසට අද (30දා) පෙරවරුවේ ගොස්  ඔහු  හමු වූ බවත්, එහිදී ආණ්ඩුවට සහාය දීම සම්බන්ධව කිසිදු එකඟතාවක් ඇති නොවූ බවත් සම්බන්ධන් මහතා ප්‍රකාශ කළේය.

 



Recommended Articles