අගමැති මහින්ද ඉතාලි සංචාරය අරඹයි


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ඉතාලි සංචාරය සදහා අද (10දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

ඔහු සමග දූත පිරිස ලෙස 17 දෙනෙකු මෙම සංචාරය සඳහා එක්ව තිබේ. මෙම පිරිස 09/10 දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් , මුලින්ම  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව ගොස් තිබේ.

එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ඉතාලිය වෙත ගමන් කිරීමට නියමිතය.



Recommended Articles