අගමැති ඉතාලි සංචාරය අවසන් කර යළි පැමිණෙයි


ඉතාලියේ පැවති ජී.- 20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සදහා ගොස් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිසෙන් , ඉතිරි පිරිස 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

මීට දින කීපයකට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  අද්මිරාල් මහාචාර්ය  ජයනාත් කොළඹගේ ඇතුළු පිරිසක් මෙම ඉතාලි සංචාරය නිමා කර යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි .

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ඉතිරි දූත පිරිස 09/20 දින අලුයම 12.01 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඉකුත් 09/10 දින සිය ඉතාලි සංචාරය සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .



Recommended Articles