අඛණ්ඩව විදුලි ගන්න ඔස්ට්‍රේලියා ආයෝජකයන් සමග සාකච්ඡාවක්


ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.‍

මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් ඇතුළු ආයෝජකයින් පිරිසක් එක්ව සිටියහ.

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරි ගැන්වීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇත.



Recommended Articles