අකුරණ සමස්ත ආසාදිතයන් ගණන 7ක් දක්වා ඉහළට


අකුරණ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව මේ වන විට  මහනුවර දිස්ත්‍රික්කයෙන්ම කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් හත් දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් හත් දෙනාම අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

නව  ආසාදිත පුද්ගලයා හමු වීමත් සමඟ ප්‍රදේශයේ තව දුරටත්  සෞඛ්‍ය අංශ මගින් පරීක්ෂණ කටයුතු වැඩි කර ඇති අතර මෙම නව ආසාදිත පුද්ගලයාගේ පවුලේ පිරිස් මෙන්ම ඔහු ඇසුරු කළ වෙනත් පුද්ගලයින් සිටීද යන්න පිළිබඳවත් පරීක්ෂණ පවත්වයි.

මොහොමඩ් ආසික්



Recommended Articles