අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගයට


අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගයට හිමිව තිබේ.

ඒ අනුව අද (12දා) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 03කින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත්වූ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළාය.

උප සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමු​ණේ  චමින්ද තිලකරත්න මහතා ‍තේරී පත්ව තිබේ.



Recommended Articles