අකුරණ ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට


මධ්‍යම පළාතේ  කොවිඩ් 19 ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වන අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් අද  18  අලුතින් ආසාදිතයින්  28 දෙනෙකු වාර්තා වීමත් සමඟ මේ දක්වා අකුරණින්  වාර්තා වී ඇති මුළු ආසාදිකයින්ගේ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

අකුරණ සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුලින්  කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ග්‍රාම නිලධාරි වසම් දෙකක් මේ වන විටත් හුදකලා කරනු ලැබ ඇති අතර එම  වසම දෙක තවදුරටත් හුදකලා කර ඇති බවද සෞඛ්‍ය අංශ කියයි.

මහනුවර මොහොමඩ් ආසික්



Recommended Articles