අකුණුසැර වැදිමෙන් 17 දෙනෙකු කොටගල රෝහලට


අකුණු සැර පතිත විමෙන් ඇති වු කම්පනයකින් සහ පිලිස්සුම්  සුළු තුවාල ලැබු වතු කම්කරුවන් 17 දෙනෙකු (23) දින කොටගල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සාවිත්‍රි ශර්මා මහත්මිය පැවසිය.

කොටගල ඩ්‍රෙටන් තේ වත්තේ වැඩ කරමින් සිටියදි (23) දින උදැසන 10.30 ට පමණ එම වත්තේ සවි කර ඇති දුරකථන රැහන් කුළුණකට අකුණු සැර පතිත වි ඇත.

අකුණු සැර වැදිමත් සමග ඒ අසල වැඩ කරමින් සිටි වතු කම්කරුවන් අකුණු සැරෙන් බේරිම සදහා දිව යන අවස්තාවේ තවත් වතු කම්කරුවන් පිරිසක් තුවාල ලබා ඇති දිස්ත්‍රික් වෛද්‍යවරිය කියා සිටියේ.

අකුණු සැර වැදිමෙන් තුවාල ලැබු සහ කම්පනයට පත් වතු කම්කරුවන් කියා සිටියේ දුරකථන කුළුණට අකුණු සැර පතිත වුවද එම දුරකථන කුළුණේ අකුණු සන්නායක සවි කර ඇති නිසා පතිත වු අකුණ අසල තේ වත්තට පතිත වු බවයි.

 



Recommended Articles