අකුණු සැර වැදී කතක් මියයයි


අකුණු සැර වැදීමෙන්  ගල්පාත පුන්සිරි පුර  ප්‍රදේශයේ  කාන්තාවක් ඊයේ (  6) රාත්‍රී මියගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි

මියගොස්  ඇත්තේ 39 හැවිරිදි කාන්තාවකි

අකුණු සැර නිවස ආසන්න පොල් ගස කට වැදීමෙන්   නිවසේ මුළුතැන්ගෙයි  ආහාර පිසිමින්  සිටියදී මෙම අනතුර වී  ඇතැයි පොලිසිය කියයි

වහා ක්‍රියාත්මක වූ නිවැසියන් අකුණු සැර වැදුනු වැදුණු කාන්තාව ගල්පාත රජයේ රෝහලට රැගෙන ට වෙතත් මියගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය

එම කාන්තාව කම්පනයෙන් මිය ගොස් ඇති බව  පොලිසිය කියයි

මියගිය කාන්තාවගේ පාදයක පමණක් සුළු සීරීම් තුවාල දක්නට ඇතැයි  පොලිස් නිලධාරියෙක් පැවැසීය .

කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ

  බිමල් ශ්‍යාමන් ජයසිංහ



Recommended Articles