අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක්


අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවත් සමග හටගත් අකුණක් වැදී වලස්මුල්ල මූලික රෝහලේ විශේෂිත ප්‍රතිකාර ඒකකයේ ගින්නක් හට ගෙන තිබේ.

ඊයේ (09) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත.

එම අවස්ථාවේ එම අංශයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් තිදෙනෙකු කඩිනමින් ඉවතට ගෙන අවශ්‍ය ප්‍රතිකාර නිසි ලෙස ඉටු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු තිබේ.

අකුණු සැර වැදීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුනොවුනත් එහි උපකරණවලට හානි සිදු වී ඇති බව වලස්මුල්ල මූලික රෝහලේ නිලධාරීන් පවසය



Recommended Articles