අක්මීමන විදුහලකට බලෙන් ඇතුළුවීමට ගිය පුද්ගලයා හමුදා වෙඩි පහරින් මරුට


ගා/ මානවිල උපනන්ද විද්‍යාලයේ ප්‍රථමික අංශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සෙබලෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින්  දෙදරු පියෙකු අද  (04) දහවල් මියගොස් ඇති  බැව් අක්මිමන පොලීසිය පවසයි.

 මියගිය පුද්ගලයාගේ දරුවකු මෙම පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන අතර  දරුවා අසනිප විම නිසා රැගෙන යාම සදහා ඔහු පාසලට පැමිණ තිබේ.

ඔහු යුද හමුදා සෙබලගේ අණ නොතකා පාසලේ පළමු ගෙට්ටුව විවෘත කරගෙන පාසලට ඇතුල් වි ඇත. එම අවස්ථාවේ රාජකාරියේ යෙදි සිටි යුධ හමුදා සෙබලා විසින් පාසල ඇතුලතට නොඑන ලෙස ඔහුට දන්වා තිබේ.  මෙහිදි දෙදෙනා අතර බිහින්බස්විමක් ඇතිවි තිබේ.

එහෙත් යුද හමුදා සෙබලාගේ අණ නොතකා මොහු  පාසලේ දෙවැනි ගෙට්ටුවද විවරකරගෙන පාසලට ඇතුලත් වි ඇති අතර එම අවස්ථාවේ දි යුධ හමුදා සෙබලා විසින් වෙඩි තබා ඇති බැව් පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

මෙසේ වෙඩි තැබිමෙන් මියගොස් ඇත්තේ  කළුතන්ත්‍රිගේ ප්‍රදිප් උදයකුමාර (31) නැමති  පිලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු නාවික හමුදාවේ තුර්යවාදක කණ්ඩායමේ හිටපු සමාජිකයකු බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.

වෙඩි  වැදිමෙන් බරපතළ  තුවාල ලැබු   මොහු පළමුව ත්‍රිරෝද රථයකින් ටික දුරක් රැගෙන ගොස් ඉන්පසු ගිලන් රථයකින්  කරාපිටිය ශික්ෂණ රෝහලට  රැගෙන ගොස් ඇත. ඔහු රෝහලට  ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත. මෙකි සිද්ධියත් සමග පාසල් දරුවන් රැගෙන යාමට මානවිල උපනන්ද ජාතික පාසලට පැමිණ දෙමවුපියන් අතර දැඩි නොසන්සුන්කාරි තත්වයක්ද ඇති විය. පාසල් දරුවන්ද භිතියෙන් ඇළලිගොස් තිබුණි.

"මම මොහු ත්‍රිරෝද රථයේ දමාගෙන කරාපිටිය රෝහලට අරගෙන යනවිට 1990ට දුරකථන ඇමතුමක් දුන්නා ඊට  පස්සේ ගිලන් රථය ආවා . අත පය තුවාල වෙලා තිබුනා"  යැයි  මියගිය පුද්ගලයා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරු පැවසීය.     

යුදහමුදාවේ උසස් නිලධාරින් හා පොලිස් නිලධාරින් සිද්ධිය වු ස්ථානයට පැමිණ පරික්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබිය. මහේස්ත්‍රාත් පරික්ෂණය අද (04) පස්වරුවේ පැවැත්විමට නියමිතය තිබුණි.

අක්මිමන පොලීසිය පරික්ෂණ පවත්වයි.

ජිනේෂ් නානායක්කාර



Recommended Articles