UNF හා SLFP කණ්ඩායම් අතර හමුවකට ජනපති එකඟවෙයි


එක්සත් ජාතික පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් දෙකක් හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හෙට පෙරවරු 9.00ට හමුවක් පැවැත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟවී ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රිවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර එකඟතාවක් ඇතිකර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (02දා) පස්වරුවේදී ජනපති නිල නිවසේදී පැවැතියේය.

Capture

 

 

 

 

 

sri-lanka-president-maithripala-sirisena3



Recommended Articles