මුදල් අමාත්‍යාංශය යටතේ තිබූ ලොතරැයි මණ්ඩල දෙක විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට ගත්තේ ඒ තුළ සිදුවන වංචා දූෂණ නැවැත්වීමට බව විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කළේය.
තමන් මුදල් අමාත්‍යාංශයේ කටයුතු කරන කාලයේ එහි සිදුවූ දූෂණ වංචා අවම කිරීමට කටයුතු කළ බවත්, මේ හේතුවෙන් අලාභ ලැබූ ආයතනය රුපියල් මිලියන 300ක වාර්ෂික ලාභයක් ලැබූ බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් එම ආයතන දෙක විධිමත්ව පවත්වා ගෙන යෑම සඳහා එම ආයතන දෙක තමන් යටතට ගත් බවත්, ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ කිසිදු විරෝධයක් නොමැති බවද අද (25දා) මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.