WP ආදායම් බලපත්‍රවලට 6-30 දා තෙක් දඩ නෑ


කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් දැනට උද්ගතව ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම එළැඹෙන 06 දා තෙක් අත්හිටුවා ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාන්ති විජේතුංග මහත්මිය පවසයි.

ඒ අනුව කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේදී 2021-06-30 දා තෙක් දඬ මුදල් අය නොකරන බවත් ඇය පවසයි.

කෙසේ වෙතත් www.motortraffic.wp.gov.lk වෙත පිවිසීමෙන් වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැක බවද ඇය සඳහන් කරයි.



Recommended Articles