UNP නව නියෝජ්‍ය නායකත්වයට රුවන් විජයවර්ධන පත්වෙයි


එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධන  තෝරාගෙන තිබේ.

අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් ඔහු එම තනතුර සඳහා තෝරාගත් බව වාර්තා වේ.

පක්ෂයේ උපනායකයා  ලෙස කටයුතු කරන රවී කරුණානායක  ඔහු සමඟ එම ධුරය සඳහා තරගකර ඇත.

ඡන්ද විමසීමේදී රුවන් විජයවර්ධන ඡන්ද 28ක්ද රවී කරුණානායක  ඡන්ද 10ක්ද ලබා ගත් බව වාර්තා වේ.

 



Recommended Articles