UNHRC යන කණ්ඩායමේ නායකත්වය ජීී.එල්ට


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය 2022 පෙබරවාරි 28 වැනි දින සිට අප්‍රේල් 1 වැනි දින දක්වා ජිනීවා නුවර දී පැවැත්වීමට නියමිත ය. මෙම සැසිවාරයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ  කොමසාරිස්වරිය  ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු  ඇති අතර  2022 මාර්තු 3 වැනි දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයක් ද පැවැත්වීමට නියමිත ය.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය ලබා දෙයි. විදේශ අමාත්‍යවරයා මෙම සංචාරය අතරතුර දී, කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේ ඉහළ පෙළේ අංගය අමතනු ඇත. ඉන් අනතුරුව, ශ්‍රී ලංකාව පිළිබඳව පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සංවාදය අමතනු ඇත. තවද, විදේශ අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ  කොමසාරිස්වරිය  ඇතුළු සම්භාවනීය අමුත්තන් හමුවීමට ද නියමිතය.



Recommended Articles