UAE හා කටාර් සිට ලාංකිකයන් 299ක් දිවයිනට


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 299 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 02 කින් අද (13දා) අලුයම කටුනායක  සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත  පැමිණි ගුවන් මගීන් 15 දෙනා අතුරින් 10 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වූහ.

ඉතිරි 05 දෙනා ශ්‍රී ලංකාවේ සේවය කරන ඉතාලි සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කරන  නිලධාරීන් විය.

මීට අමතරව අලුයම 5.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මෙම පිරිස අතරින් 06 දෙනෙකු කුඩා දරුවන් විය.

මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළ වලදී පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කර තිබේ .



Recommended Articles