T56 වර්ගයේ ගිනි අවියක් සම​ග පුද්ගලයකු STF අත්අඩංගුවට


විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් විසින්  කින්නියා පොලිස් වසමේ කින්නියා, කන්දල්කාඩු ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි බලපත්‍ර නොමැතිව විදේශීය නිෂ්පාදිත ලියාපදිංචි අංකය සඳහන්ව නොමැති T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සමග හිස් පතුරොමි ගැබක් සන්තකයේ තබාගෙන සිටි මුතූර් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක ද්‍රවිඩ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය ත්‍රස්ථ විමර්ශණ කොටිඨාශය වෙත භාර දී ඇත.



Recommended Articles