T56 ජීව උණ්ඩ සමග පොලිස් SI කටුනායකදී අත්අඩංගුවට


ටී.-56 ජීව උණ්ඩ 15 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඇතුළු වීමට තැත් කළ පොලිස් නිලධාරීයෙකු අද (19දා) උදෑසන ගුවන් තොටුපළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව කොළඹ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකි.

මෙම සිදුවීම වන අවස්ථාව වනවිට කටුනායක ගුවන් තොටුපළ තුළ පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය වෙනුවෙන් විශේෂ පෙරහුරු වැඩසටහනක් ද ක්‍රියාත්මක වෙමින් තිබී ඇත.

මෙසේ පොලිස් අත් අඩංගුවට පත් මෙම පොලිස් නිලධාරීවරයා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 03/01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කටුනායක ගුවන් තොටුපළ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.



Recommended Articles