මොරටුව එගොඩඋයන ප්‍ර දේ්ශයදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පොලිස් විශේස කාර්ය බළකාය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන සමිර සම්පත් නොහොත් අබ්බා යන අය ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදේශ රටක සැඟවි සිටිමින් ශ්‍රි ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පානදුර සළිඳු නැමති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන ගෝලයෙක් ලෙස මොහු හඳුනාගෙන තිබේ.
සැකකරු එගොඩ උයන නිවසක සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව තිබේ.
වෙඩි හුවමාරුවේදී පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයෙකුටද තුවාල සිදුව තිබේ.

