STC රු මි 61ක ලාභයක් ලබයි


රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව 2018 මුදල් වර්ෂයේදී රුපියල් මිලියන 61.43ක් ශුද්ධ ලාබයක් ලබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එය 2017 මුදල් වර්ෂයට සාපේක්ෂව සියයට 19.3%ක වර්ධනයකි. 2017 මූල්‍ය වර්ෂයේදී රුපියල් මිලියන 51.5ක ලාභයක් ලබාගෙන තිබිණ.

2018 මුදල් වසරේදී, සංස්ථාවේ සමස්ත ආදායම රුපියල් මිලියන 4334.1එය පෙර වසරට සාපේක්ෂව සියයට 15.6%ක වර්ධනයකි. විකුණුම් පිරිවැය රුපියල් මිලියන 3545.6කි. ආයතනයේ පරිපාලන වියදම රුපියල් මිලියන 495.4කි. 2018 මූල්‍ය වර්ෂයේදී බදු ලෙස රජයට ගෙවා ඇති මුදල රුපියල් මිලියන 20.8කි.

රජයේ ප්‍රවෘත්ති ‌‌දෙපාර්තමේන්තුව ඇසුරෙනි



Recommended Articles