SSP රොෂාන් රාජපක්ෂ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් අධ්‍යක්ෂ ධූරයට


ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහතා පොලිස් පරිසර සංරක්ෂණ කොට්ඨාසයේ සහ ජනාධිපති කාර්යාල විශේෂ පැවරුම් හා පාරිසරික කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.

රොෂාන් රාජපක්ෂ මහතා මහජන සම්බන්ධතා හා පරිසර අලංකාරය සහ පරිසර ආරක්ෂණ කටයුතු සම්බන්ධ අත්දැකීම් ඇති නිලධාරියෙකි.

මේ ධූරයට අමතරව පොලිස් පරිසර ආරක්ෂණ හා පුරාවිද්‍යා කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස ද ඒ මහතා රාජකාරි කරයි.

 



Recommended Articles