SLFP - පොහොට්ටු ගිවිසුමට අත්සන් තබයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ නායකත්වයන් මේ වෙනුවෙන් එක්ව තිබේ.

නිමල් සිරිපාලද සිල්වා, දුමින්ද දිසානායක, බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Recommended Articles