SIS කොස්තාපල්වරයෙක් සියදිවි නසා ගනියි


රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් කල්මුණේ පොලිස්ථානය තුළදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය අද (19දා) පැවසීය.

කල්මුණේ පොලිස්ථානයේ රාජ්‍ය බුද්ධි සේවා කාර්යාලය තුළදී සවස 5.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුකරගෙන ඇතැයිද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

වෙඩි තබාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස රාජකාරි කළ යාපනේ පදිංචි 21 හැවරිදි පොලිස් නිලධාරියෙකි.



Recommended Articles