SEC පනත බලාත්මකයි


ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරවරුවේ සිය සහතිකය සටහන් කළේය.

මුදල් අමාත්‍යවරයා විසින් 2021 වසරේ ජූලි මස 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත 2021 වසරේ ජූනි මස 28 වැනි දින ගැසට් පත්‍රයේ පළ කෙරුණි.

ඒ අනුව 2021 අංක 19 ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත අද (21) සිට බලාත්මකවේ.

 



Recommended Articles