SB හා ඩිලාන් පොහොට්ටුවට


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පත්කළ මන්ත්‍රීන් (ජාතික ලැයිස්තු) වන එස්.බී. දිසානායක මහතා හා ඩිලාන් පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

අද පෙරවරුවේදී ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.  බැසිල් රාජපක්ෂ මහතා අතින් ඔවුන් එම පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත.

ඔවුන්ට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4ක්, පළාත් සභා මන්ත්‍රීවරු 3ක්, පළාත් පාලන මන්ත්‍රීවරු 35ක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරු කිහිප දෙනෙක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමජිකත්වය ලබාගෙන තිබේ.



Recommended Articles